Posts

Showing posts with the label Comet

හැලීගේ වල්ගා තරුව... Halley's Comet...

Image
පෘතුවිය මත ඇවිද යාමට පටන්ගත් කාලයේ සිටම රාත්‍රී අහස අප මුතුන් මිත්තන් කුතුහලයටත්, බයටත් පත්කරන්න සමත් වුනා. රාත්‍රී අහසේ දිස්වුනු හඳ, තාරකා, උල්කා, ධූමකේතු වැනි දෑ තේරුම් ගැනීමට තරම් ඔවුන්ට දැනුමක්, අවබෝදයක් තිබුනේ නැහැ. හඳ, තාරකා වැනි දෑ (ඔවුන්ට ග්‍රහලේක සම්බන්දව දැනුමක් තිබුනේ නැහැ) දිනපතා දර්ශනය වීම නිසා ඒවා සාමාන්‍ය දේවල් ලෙස ඔවුන්ගේ සිත් වල තැම්පත් වුනා. විශාල දැනුමක් නැතත් තවදුරටත් ඒ දේවල් සම්බන්දයෙන් ඔවුන්ට බිය වන්නට හේතුවක් තිබුනේ නැහැ. එතැන් පටන් රාත්‍රී අහස කියවන්නට, තරු රටා දිස්වෙන ආකාරය තමන්ගෙ ප්‍රයෝජනයට යොදගන්නට  අපේ මුතුන් මිත්තන් හෙමිහිට පුරුදු වුනා.  NASA/ESA/Giotto Project නමුත් ධූමකේතු, සාමාන්‍යයෙන් දකින්නට ලැබුන දේවල් නොවන නිසාම ධූමකේතු (වල්ගා තරු) සම්බන්දව අපේ මුතුන් මිත්තන් දැක්වුවෙ සහජයෙන්ම එන බියක්. හිත් තුළ හොල්මන් කරන මේ බය නිසා, යම්කිසි නරක දෙයක් (ස්වභාවික විපත්, මරණ, යුද්ධ) ධූමකේතුවක් දකින්නට ලැබී ටික කලක් ඇතුලත සිදුවුනොත් ඒ ධූමකේතුව විසින් ගෙනා නරක පණිවිඩය විදිහට සමාජගත වුනා. කාලයත් සමඟ ධූමකේතුවක් (වල්ගා තරුවක්) දකින්නට ලැබීම අසුභ ලකුණක් ...